ජාතික ආණ්ඩු යෝජනාව නිසා රනිල්ගේ යට ඇඳුමත් ගැලවුණා! ලාල්කාන්ත

February 4, 2019 at 2:35 am | by admin

ජාතික ආණ්ඩුවක් මීට පෙර ද පැවති බවත් එමගින් රටේ කිසිදු ප්‍රශ්නයක් නොවිසඳු බවත් පවසන ජවිපෙ පක්ෂ විපක්ෂ සියලු කණ්ඩායම් මෙන්ම ජනතාව ද අලුත් ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධ විය යුතු බව පවසයි.

ජාතික ආණ්ඩුවක් අටවා ගන්නේ රටේ ප්‍රශ්න විසඳීමට නොව ඇමතිකම් ඉල්ලා හඬා වැටෙන පිරිස සතුටු කිරීමට ඇමතිකම් ගොඩ වැඩි කිරීමට බව පවසන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත වැඩි දුරටත් ප්‍රකාශ කළේ අගමැති රනිල් වික්‍රමසිංහගේ යට ඇඳුම හෝ ඉතිරි වී තිබුණේ නම් ජාතික ආණ්ඩු යෝජනාව සමග එය ද ගැලවී ගිය බවයි.

රට කාබාසිනියා කරන රනිල් වික්‍රමසිංහ ඇතුළු කල්ලිය එළවා දැමීමේ වගකීම ඊළඟ මැතිවරණයේ දී ජනතාව අතට ගත යුතු බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *