ජාතික ආණ්ඩුව ගැන ජවිපෙ මත දෙකක්! ටිල්වින් සහ ලාල්කාන්ත, විජිතට සපුරා එරෙහි අදහසක! ජවිපෙ නැවතත් පුපුරයිද?

February 4, 2019 at 5:43 pm | by admin

මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයකු සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් තැනීම සාදාචාර සම්පන්න නොමැති බවත් එය ව්‍යවස්ථානුකූළ නොවන බවත් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථාව උල්ලංඝනය කළ විට ඔහු පරාද කළ ආකාරයට ම රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට සූදානම් වන්නේ නම් ඔහුත් පරාජය කිරීමට ජවිපෙ සූදානම් බව හෙතෙම අවධාරණය කරයි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසා තිබුණේ ද මීට සමාන අදහසකි.

කෙසේ වුවද පසුගියදා මාධ්‍ය හමුවක දී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කළේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිවරයකු සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් තැනීම ලැජ්ජ නැති වැඩක් නමුත් එය ව්‍යවස්ථාවට පටහැනි නොවන බවය. එහෙයින් ඊට එරෙහිව අධිකරණයට නොයන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *