ජාතික අර්බුදයක් හමුවේ විපක්ෂයේ භූමිකාව මහින්ද ආණ්ඩුවට කියාදෙයි! ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥ වාර්තාව ජනපතිට භාරදෙයි!

May 4, 2019 at 7:37 am | by admin

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන්නේය.

විපක්ෂනායකවරයාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ප්‍රධානීන් මෙම වාර්තාව සකස් කළ අතර ඔවුන් ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙය භාරදී තිබුණි.

විපක්ෂ නායකවරයා විසින් අද (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම වාර්තාව භාර දුන්නේය.

මෙම වාර්තාව මගින් බුද්ධි අංශ සවිමත් කිරීමට ද රුඩිකල් ඉස්ලාමියන් පුනරුත්ථාපනය කිරීමට යෝජනා කර ඇතැයි වාර්තා වෙයි. ආගමික පාසල් වෙනුවට පොදු පාසල් පද්ධතියක් ඇරඹීම මෙන්ම රටම එකම නීතියක් යටතේ පාලනය කිරීමේ අවශ්‍යතාව ද එමගින් අවධාරණය කෙරී තිබේ.

කෙසේ වුවද කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටන සමයේ එවක විපක්ෂය 2007 අයවැය පරාජය කොට සටන නතර කිරීමට උත්සාහ කළ අතර අනතුරුව හමුදාවට බොරු ජන සංහාර චෝදනා කරමින් ද ආරක්ෂක හමුදා වෙත අවලාද නඟමින් ද කොටි ආරක්ෂා කර ගැනීමට කළ හැකි සියල්ල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස