විරෝධතාකරුවන් 2022 මාර්තු 31 එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස වට කරන අවස්ථාවේ එය පාලනය කරන ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් ඉල්ලා සිටිය ද ඔහු ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.
ඒ අවස්ථාවේ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත පාර්ලිමේන්තුව අසලට ගොස් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව උසි ගැන්වු ද රටේ වාසනාවට එවැනි ක්‍රියා පාලනය කළ හැකි රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ අගමැති ලෙස කටයුතු කළ බවයි, ඔහු පෙන්වා දුන්නේ.
ඒ පිරිස එදා අද බංග්ලාදේශයට අත්ව ඇති ඉරණම ලංකාවට අත්කර දීමට විශාල උත්සාහයක් දැරූ බවයි, මධුර විතානගේ සඳහන් කළේ.
අද (07) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.