ජවිපෙ සටන් සගයා ඉන්දියාවට විකිණු තෙල් ටැංකි මම විකුණන්නේ කොහොමද…? – ගම්මන්පිල….

August 10, 2021 at 7:57 pm | by emanisa.lk

තිරිකුණාමල තෙල් ටැංකි හා අක්කර 33000 ක් ඇමරිකාවට බදු දීමට තමන් කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බවට දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

තිරිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ජවිපෙ සටන් සගයා වන එක්සත් ජාතික පක්ෂය 2003 දී ඉන්දියාවට වසර 35කට බදු දී ඇති බැවින් එම ටැංකි නැවත තවත් රටකට බදු දීමේ හැකියාවක් නොමැති බවත් 2003ට 35ක් එකතු කළ විට පිළිතුර 2038 බවත් අපි තවමත් ඉන්නේ 2021 බවත් වසන්ත සමරසිංහ නොදන්නා බව යැයි ද ඔහු කීය.

තිරිකුණාමල වරාය ඇමෙරිකාවට බදු දෙනවා නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ යුත්තේ වරාය ඇමැති මිස බලශක්ති ඇමැති නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු වන වසන්ත සමරසිංහ නොදැන සිටීම හාස්‍යජනක යැයි ද හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *