ජවිපෙ වෙසක් පෝ දිනයෙත් බොරු පතුරමින් ජාතිවාදය වපුරයි!

May 7, 2020 at 10:31 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ආණ්ඩුව මුස්ලිම් ජනතාවට මිය ගිය විට ආගමික වතාවත්හි යෙදීමට පවා අයිතිවාසිකම් ලබා නොදෙන බව පවසයි.

කොරෝනා වසංගතය නිසා මිය ගිය බෞද්ධ අයකුගේ දේහය ආදාහනය කිරීමට පෙර ආගමික වතාවත් කරන අයුරු එහි පින්තූර දෙකක දැක්වෙන අතර ඉතිරි පින්තූරයේ ඇත්තේ එම රෝගයෙන් මිය ගිය මුස්ලිම් අයකුගේ සිරුර එවැනි කිසිදු ආගමික කටයුත්තකින් තොරව ආදාහනය කරන ආකාරය නිරූපනය කිරීමටයි.

කෙසේ වුවද මෙම පින්තූර සමීපව නිරීක්ෂණය කළ විට පෙනෙන්නේ පළමු පින්තූර දෙකක අදාළ සිරුර ආදාහනයට පෙර ආදාහනාගාරයේ දී ඥාතීන්ට අවසන් ගෞරව දැක්වීමට සහ ආගමික කටයුතු කිරීමට ලබා දුන් අවස්ථාවක් වන අතර තෙවන පින්තූරයේ ඇත්තේ සිරුරක් මෘත ශරීරාගාරයක, රෝහලක හෝ එවැනි ස්ථානයක තබා ඇති අවස්ථාවකි.

මෙහිදී බිමල් රත්නායක ජනාධිපතිවරයාට චෝදනාත්මකව මෙසේ පවසයි.
“ජනාධිපතිතුමනි, ඔබට මේ රටේ මුස්ලිම් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දීමට නොහැකි නම් අවම වශයෙන් ඔවුන්ට ගෞරවනීය අවමංගල්‍යයක් ලබා දෙන්න. මේ ආකාරයට මුස්ලිම් ජනතාව පීඩාවට පත්කිරීම බුදු දහමට ද විරුද්ධයි.”

මේ රටේ ජනගහන ආක්‍රමණයක් කළේ මුස්ලිම් ජනතාව නොව සිංහලයන් බවත් සිංහලයන් තුන් ගුණයකින් වැඩි වී ඇති බවත් වරක් ප්‍රකාශ කළේ ද බිමල් රත්නායකය. අනුර දිසානායකගෙන් පසු ජවිපෙ නායකත්වය බිමල්ට හිමි වන බව ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස