ජවිපෙ මෙවර බිමටම හාන්සි වන ලකුණු! ජවිපෙ නිර්මාතෘ විජේවීරගේ පුත් උවිඳුත් පොහොටිටුවෙන් ඡන්දෙට!

February 29, 2020 at 6:43 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජේවීර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගියදා මේ ගැන සාකච්ඡාවකට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද හමුවිය.

මෙම හමුවීම්වලදී ගෝඨාභය රාජපක්ෂ උවිඳුට යෝජනා කර ඇත්තේ කොළඹ දිසාවෙන් තරග කරන ලෙසය.

ඒ ගැන ඔහු තමන්තේ ස්ථාවරය ප්‍රකාශ කර නැතත් උවිඳු විජේවීර වඩාත් කැමැත්ත දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බව වාර්තා වේ.

සිය පියාගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොටින් තරඟ වදින ලෙසද ඔහුට යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් උවිඳු එයටද කැමැත්ත දී නැත.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවලට රෝහණ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර ද සහභාගී වූවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස