ජවිපෙ නායකයින් වස පොහොර ඉල්ලමින් මහ පාරේ….! ප්‍රාදේශීය නායකයෙක් කාබනික පොහොරින් අක්කර 21ක කුඹුරක් කර ගොයම් කපයි….!

July 4, 2021 at 3:00 pm | by emanisa.lk

අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධනගේ කාබනික පොහොරින් කළ කුඹුරු අක්කර 21ක අස්වැන්න නෙළිමේ කටයුතු මේ වන ආරම්භ කොට තිබේ.

බඩ ඉරිඟු සහ දේශීය වී වර්ග ද වගා කර ඇතැයි ද ඔහු පවසයි.

“මම මේ වන විට කුඹුරු අක්කර 21 ක ප්‍රමාණයක් කාබනික පොහොර යොදා වී වගා කර දැනට ගොයම් කැපෙමින් පවතිනවා. කිසිම විදියකින් වත් අස්වැන්නේ අඩු විමක් නැහැ. බඩ ඉරිගු, වගාවක්ද කර තිබෙනවා. ඒ සඳහා දැම්මේත් කාබනික පොහොර. අප කාබනික දියර පොහොර වර්ග වගේ ම කාබනික කෘමි නාශක වර්ගත් හදා පාවිච්චි කරනවා.

ඇත්තට ම මෙය ලංකාවේ කළ හැකි හොඳ ම දේ හැටියට මම දකිනවා. මම කාබනිකව එළවළු, වී වර්ග කිහිපයක්, ඒ වාගේ ම බීජී 384 කියන වී වර්ගය, දේශීය වී වර්ග කාබනික පොහොර යොදා නිෂ්පාදනය කර තිබෙනවා. බඩ ඉරිගු සේනා දළඹුවාටත් අප දේශීය බෙහෙතක් නිෂ්පාදනය කර තිබෙනවා.

කාබනික පොහොර මාස තුනෙන් දිරන ක්‍රමය තමයි රටේ තියෙන්නේ. නමුත් මම දින 45 කින් පමණ කාබනික පොහොර හදනවා. ඒ තාක්ෂණය මට රටට දෙන්න පුවවන්. ජනාධිපතිතුමා, වගේ ම කෘෂිකර්ම අමාත්‍යාංශයත් අපෙන් ප්‍රයෝජන ගන්න ඕන.

රජය කාබනික රටක් කිරීමට ගත් තීරණය හරිම වැදගත්. නමුත් මේ කාබනික පොහොර හදන පුද්ගලයන් 25000 ක් පමණ රට තුල ඉන්නවා. ඒ අය ජනාධිපතිතුමා ඉදිරියට ගෙනල්ලා ඒ අයගේ ක්‍රමවේද පිළිබඳ ව අධ්‍යයනය කළොත් මේ වැඩේ කරන්නට හරිම පහසු වනවා.

නැත්නම් දැනට සමහර මුදලාලිලා දේශපාලන හිතවතුන් සමග ඉඩම් ටික බෙදා ගෙන නොයෙකුත් වර්ග යොදමින් කාබනික පොහොර හදන්න පටන් අරගෙන. මේ ක්‍රමවේදය වැරදුනොත් ඉදිරියට මේ කර්තව්‍ය කර ගෙන යන්න ජනාධිපතිට අමාරු කාර්යක් වනවා.”

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශිය සභා මන්ත්‍රි කුමුදු ප්‍රියන්න ගුණවර්ධන එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස