ජවිපෙ ජනපති අපේක්ෂක අනුර දිසානායක!

August 15, 2019 at 2:47 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම පෙරමුණේ නායක අනුර දිසානායක විය හැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පක්ෂ අපේක්ෂකයා එළඹෙන ඉරිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජවිපෙ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ සැබෑ ආණ්ඩු විරෝධයක් මතු නොවුණ හොත් එම පක්ෂයේ සැබෑ ස්වරූපය මෙවර හෙළිවනු ඇතැයි ද පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පැවසීය.

පසුගිය සමයේ ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස නලින්ද ජයතිස්ස, නාමල් කරුණාරත්න මෙන්ම ගාමිණි විජේසිංහ ඉදිරිපත් වන බවට ද අදහස් පළවිය.

ජනතා විමුක්ති පෙරමුණ අවසාන වතාවට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ 1999 දීය. එහිදී ජවිපෙ ලද ඡන්ද ප්‍රමාණය 344 179කි. එවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නන්දන ගුණතිලක මේ වන විට එජාප පානදුර සංවිධායකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස