ජවිපෙ චෝදනා සියල්ල බොරු…! නිල නිවසට ගත්තේ ලක්ෂ 08ක බඩු…! – ඩී.බී. හේරත්…

October 6, 2021 at 9:02 am | by emanisa.lk

තම නිල නිවසට මිලියන 02ක් වටිනා ඇඳන් ඇතුළු අති විශාල මුදල් වැය කර ගෘහභාණ්ඩ ගත් බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසයි.

සිය නිළ නිවසේ ඇඳක් සඳහා වැය කළේ රු. 33 000ක් බවත් ඒ සඳහා රු. 2,36,520ක් වැය වී ඇති බවත් ඒවා ද මිලයට ගත්තේ රාජ්‍ය දැව සංස්ථාවෙන් බවත් ඔහු ප්‍රකාශ කරයි.

එසේ ම නිවසේ සියලු ගෘහභාණ්ඩ සඳහා වැයකර ඇත්තේ රු. 8,63,526ක මුදලක් බවත් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙම කිසිදු භාණ්ඩයක් තමන්ට අයත් නොවන බවත් රජය සතු එම භාණඩ ඇමැති ධූරයෙන් ඉවත් වන විට නිල වශයෙන් නැවත භාරදිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *