ජවිපෙ කියන්නේ මංගල ලා රකින මුරබල්ලෝ! හඳුන්නෙත්ති පාර්ලිමේන්තු යවන්න හදන්නේ ඒකයි! – අවන්ත ආටිගල

July 31, 2020 at 1:01 pm | by emanisa.lk

මංගල සමරවීර ඇතුළු ධනපති නායකයන් සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු යැවීමට කැස කවන්නේ ජනතා විමුක්ති පෙරමුණ වේගයෙන් පරිහානියට යන ධනවාදයේ මුරබල්ලාගේ කාර්ය අනෙක් සියල්ලන්ට වඩා හොඳින් කරන නිසා යැයි පුවත්පත් කාටුන්කරුවෙකු වන අවන්ත ආටිගල පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ. අවන්ත ආටිගල ආණ්ඩුව විවේචනය කරන විට ඔහු වර්ණනා කරන ජවිපෙ සමාජමාධ්‍යකරුවන් මෑතක අවන්ත ඇඳි කාටුනක් දැඩි ලෙස විවේචනය කිරීමට පිළිතුරු ලෙස මෙම සටහන තබා ඇතැයි සිතිය හැකිය.

මංගල සමරවීර සිය කරමත තබා ගෙන සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු රැගෙන යන්නට දියවන්නාවට බැස ඇති අයුරු එම කාටුන‍යෙහි ඇඳ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස