ජවිපෙ ආණ්ඩුවක් ආවොත් හෙට ඉඳලා රටට ඩොලර් ගලනවා..! – ටිල්වින්…

May 30, 2022 at 9:56 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුව භාරගතහොත් හෙට සිට විදෙස් ශ්‍රමිකයින්ගෙන් රටට ඩොලර් එන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

විදෙස් ශ්‍රමිකයින් සිටින සියලු රටවල තම පක්ෂ ශාඛා ඇති බවත් එම ශාඛා ඔස්සේ දැනුම් දීමක් කළහොත් මාසයකට ඩොලර් බිලියන 02ක් රටට ගෙන්වා ගත හැකි බවයි, ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ.

එවිට රටේ ඉන්ධන, ගෑස් පෝලීම් අවසන් වන බව ද හෙතෙම අවධාරණය කළේය.

එහෙත් ආණ්ඩුව තමන්ට භාර දී රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට එය රනිල් වික්‍රමසිංහට භාර දී පවුලේ ප්‍රශ්න විසඳා ගැනීමට රාජපක්ෂලා උත්සාහ දරමින් ඇති බවට ටිල්වින් සිල්වා චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *