ජවිපෙ අවුරුදු 57ක් කෙඳිරි ගෑවාට අපි ඒක මාස 07න් කළා…! – දිලිත් ජයවීර….

May 7, 2025 at 5:47 pm | by emanisa.lk

සිය පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී ආසන 127ක් ජයග්‍රහණය කළ බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිය පක්ෂ ආරම්භ කර මාස 07ක් ඇතුළත 4%ක ඡන්ද පදනමක් ගොඩනඟා ගත් නමුත් ජනතා විමුක්ති පෙරමුණ 3%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට අවුරුදු 57ක් ගත කළ බවයි.

රට ගොඩනඟන නිශ්චිත වැඩපිළිවෙළක් සමග දේශපාලනය කරන සිය පක්ෂය වෙනත් කිසිදු පක්ෂයක් සමග සන්ධානගත වරදාන වරප්‍රසාද ලබා ගැනීමට කටයුතු නොකරන බව ද අවධාරණය කරයි.

අද (07) සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *