ජවිපෙන් ජාතික සංවර්ධන සැලසුමක්! අනුර ජනපති රට නඟන්න සූදානම්! – සිළුමිණ හෙළි කරයි….

September 14, 2019 at 11:59 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ මගින් ජාතික සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරනු ලබන බවත් ඒ සැලැස්මට අනුව රට පාලනය කිරීම අරමුණ බවත් ජවිපෙ පවසයි.

ජාතික ජන බලවේගය මගින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර දිසානායක ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ විට සම්පාදනය කර අවසන් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මේ ඉරිදා (15) සිළුමිණ පුවත්පතට ප්‍රකාශ කර ඇත.

මෙම සංවර්ධන සැලසුම ඔස්සේ ඉදිරියේදී රටේ ණය බර අඩු කිරීම මෙන්ම රටේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයකින් කටයුතු කරන බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස