ජලනි දාලා ගියත් සජිත් දිනන එක නවත්වන්න බෑ..! – රෝහිණී කවිරත්න…

August 24, 2024 at 3:15 pm | by emanisa.lk

මේ දිනවල බොහෝ දෙනෙක් තමන් පක්ෂය අතහැර යන්නේ දැයි විමසා ඇමැතුම් ලබා දෙන හෙයින් දුරකතනයට කිසිදු විවේකයක් නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න පවසයි.

සජිත් ප්‍රේමදාස දිනවන සටනට මිස කිසිදු තැනකට තමා නොයන බව කටකතා පතුරුවන අයට දැනුම් දෙන බවයි, ඇය සඳහන් කළේ.

ජලනි ප්‍රේමදාස ගිය ද සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බව රෝහිණී කවිරත්න අවධාරණය කරයි.

ඊයේ (23) අකුරණ පැවැති සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් රෝහිණී කවිරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *