ජලනිගේ බර්ත්ඩේ පාටි පොකුර වැඩ අල්ලයි…! විපක්ෂ නායක සජිත්ට සහ ජලනිටත් කොවිඩ්….!

May 23, 2021 at 1:30 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ද කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණ සමග ජලනි ප්‍රේමදාස ඊයේ රෝහල්ගතව ඇති අතර එහි දී සිදුකළ PCR පරීක්ෂණයක දී ඇයට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාස ද PCR පරීක්ෂණයක් සඳහා යොමු වී ඇති අතර එහි දී ඔහුට ද කොවිඩ් ආසාදිත බව සනාථ වී ඇත.

සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දුන් අවස්ථාවේ එය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේ ය.

ජලනි ප්‍රේමදාස පසුගිය දා නිරෝධායන නීති ද නොතකමින් සිය උපන් දින උත්සවය මහ ඉහළින් සැමරූ බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස