ජලනිගෙන් තන්තිරිමලේ රජමහ වෙහෙරට නව ධාතු මන්දිරයක්…!

November 19, 2021 at 7:51 am | by emanisa.lk

ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යමහෝත්සවය ඊයේ (18) පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ ජලනි ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.

ජලනි ප්‍රේමදාසගේ බැතිබර අනුග්‍රහයෙන් තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ, අලුතින් ඉදිකරන්නට යෙදුනු ධාතු මන්දිරය සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ උතුම් කටයුත්තද ඊට සමගාමීව සිදුවිය.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජලනී ප්‍රේමදාස ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථාන වර්ධන සමිතියේ ප්‍රධාන නිත්‍ය ගිහි උපදේශක සහ ප්‍රධාන දායක ලෙස පත්කරනු ලබන බව උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමි විසින් අද (18) එම විහාරස්ථානයේ පැවති කඨින මහා පුණ්‍ය කර්ම පූජෝත්සවයේ දී පැවසීය.

ඉන් අනතුරුව මහා සංඝරත්නය විසින් සංකේතාත්මකව එම පත්කිරීම සිදුකරනු ලැබීය. විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් ලෙස සෑම පසළොස්වක පෝ දිනකම පැවැත්වෙන “සිරි සඳහම් සෙත” ධර්මදේශනා මාලාවේ 12 වැනි ධර්ම දේශනාව පැවැත්වුණේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී ය.

දේශකයානන් වහන්සේ අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික වැලිවිට ධර්මරක්ෂිත සෝරතාභිධාන නාහිමිපාණන්වහන්සේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *