ජමාත් ඊ ත්‍රස්ත සංවිධානයේ ලංකා නායකයා අල්ලයි! බුදු පිළිම කැඩු සොහොයුරන්ගේ මහප්පා! රටවල් 70ක් පුරා පැතිරුණු සංවිධානයක්! 2027 ලංකාව අල්ලන්න සැලසුම් කරලා!

August 27, 2019 at 10:40 am | by emanisa.lk

අයි.එස්.අයි.එස්. සංවිධානය ඇතුළු අන්තවාදී ගරිල්ලා සංවිධාන සමග සබඳකම් පවත්වමින් රටවල් හැත්තෑනවයක් පුරා විහිදී ඇති ජමාත් ඊ ඉස්ලාම් සංවිධානයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ නායකයා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද බුද්ධි තොරතුරක් මත මෙම පුද්ගලයා මාවනැල්ල, මුරුතවෙල පිහිටි ඔහුගේ නිවසේදී පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙරට අන්තවාදී කණ්ඩායම් මෙහෙයවූ නායකයකු බව හෙළිවී ඇත.

පනස් නව හැවිරිදි රෂීඩ් හජ්පුල් අක්බාර් නමැති මෙම නායකයාගේ මෙහෙයවීමෙන් සහරාන් සමග පුපුරුවාගත් අන්තවාදීන් සමග මොහුගේ කණ්ඩායම්ද විදෙස් පුහුණුවට යවා ඇති බව අනාවරණය කරගෙන ඇත. සිරියා, තුර්කි, චෙච්නියා රටවලදී ගරිල්ලා පුහුණුව ලබාදීමට මෙරටින් මුස්ලිම් තරුණ කණ්ඩායම් යවා ඇත්තේද මවුලවිවරයකුද වන රෂිඩ් හජ්පුල් අක්බාර් වන මෙම සැකකරු බවට හෙළිවී තිබේ.

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ කණ්ඩායමට නායකත්වය දුන් ඉබ්‍රාහිම් සාදික් හා ඉබ්‍රාහිම් සාදිත් යන අයියා මලෝ දෙදෙනාගේ පියාගේ අයියා වන්නේ මෙම සැකකරුය. අක්බාර්ගේ බාල සොහොයුරා වූ මවුලවිවරයකු වන ඉබ්‍රාහිම් මාවනැල්ලේ බුදුපිළිම කැඩූ සිද්ධියට අත්අඩංගුවට ගත්තේ සාදික් හා සාදිත් ගැන විමර්ශනවලදීය.

ඊබ්‍රාහිම් සාදික් සිරියා හා තුර්කි බලා පිටත් කර 2014දී චෙච්නියානු ගරිල්ලා පුහුණුව ලබාදී ඇත්තේ අක්බාර් විසින් මුදල් වියදම් කරමින් බව හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් අක්බාර් හමාස් සංවිධානයේ නායකයන් හා සබඳකම් පවත්වා ඇති බවත්, ඇෆ්ගන් යුද්ධයට පවා සහභාගි වී ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත යටතේ සිදුකරන විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවේ පසුවන හජ්පුල් අක්බාර් හමාස් නායකයා ටියුනීසියා ජනාධිපතිවරයා සමග ගත් ඡායාරූපයක්ද ඔහු සතුව තිබී හමුවී ඇත. ඔහු ජමාත් ඉස්ලාම් සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා ලෙසින් විදෙස් නායකයන් හමුවී ඇතැයි හෙළිවී තිබේ. විදෙස් රටවලින් උණ්ඩියල් ක්‍රමයට මෙම සංවිධානයට මුදල් පොම්ප කර ඇතැයි හෙළිව තිබේ.

1985 දී මවුලවිවරයෙක් ලෙස එක්වී අන්තවාදී දේශනා පවත්වමින් ගිය හජ්පුල් අක්බාර් දෙමටගොඩ, මරදාන පාරේ තම ආගමික මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත. මෙම මවුලවිවරයා අනෙක් ආගම්වලට එරෙහිව අන්තවාදී මතවාද පතුරන තරුණයන් විදෙස් රටවල අන්තවාදී පුහුණුවීම්වලට යවා ඇති බවත් මොවුන්ගේ ඉලක්කය වී ඇත්තේ 2027දී මෙට දේශපාලනික, ආර්ථික හා සන්නද්ධ අතින් බලය පැතිරවීම බවත් වැඩිදුරටත් විමර්ශනවලදී හෙළිවී ඇත.

සහරාන් හදිසියේම පාස්කු ප්‍රහාරය එල්ල කිරීමත්, මොවුන්ගේ ඉදිරි රහස් සැලසුම් හෙළිවන්නට පටන්ගෙන ඇතැයි දැනට කරන විමර්ශනවලදී හෙළිව තිබේ. වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත යටතේ වැඩිදුරටත් විමර්ශන සිදුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස