ජපුර අනතුර ඇසින් දුටු සිසුවෙක් හමුවෙයි! ටයරයේ ඇඟිලි සලකුණු ලබා ගනී!

March 11, 2020 at 8:03 am | by emanisa.lk

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කළමනාකරණ පීඨ ශිෂ්‍යයාට සිදුවූ බරපතළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටු දෙකක් පත් කරයි.

විශ්වවිද්‍යාල මට්ටමින් එක් කමිටුවක් ද කළමනාකරණ පීඨයෙන් තවත් කමිටුවක්ද මෙලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර සිද්ධිය දුටු ජ්‍යෙෂ්ඨ සිසුවාගෙන් ඊයේ (10) ප්‍රකාශ ලබාගෙන තිබේ.

අනතුරට ලක්වීමෙන් පසු ශිෂ්‍යයා රෝහල්ගත කිරීම සඳහා යුහුසුළුව කටයුතු කර ඇත්තේ මෙම ශිෂ්‍යයායි.

පොලිසිය ඊයේ (10) විශ්වවිද්‍යාලයට පැමිණ සිද්ධිය පිළිබඳ පරීක්ෂා කර ශිෂ්‍යයාගේ සිරුරේ ගැටුණු ටයරයේ ඇඟිලි සලකුණුද ලබාගෙන තිබිණි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විශ්වවිද්‍යාලයට පැමිණ උපකුලපති මහාචාර්ය ලියනගේ ඇතුළු පීඨාධිපතිවරුන් සමග ඊයේ (10) පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කර තිබේ.

අනතුරට ලක්වූ ශිෂ්‍යයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස