ජපාන් සකේ සමග තරඟයට ලංකාවෙන් රාගා….! කිතුල් රා ජාත්‍යන්තරය ජයගන්න සූදානම්…!

December 14, 2021 at 6:33 pm | by emanisa.lk

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් අද (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කටයුතු යොදා තිබිණි.

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම ඉදිකළ නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව ඇමැතිවරයා විවෘත කිරීමෙන් අනතුරුව මෙම කිතුල් රා ඇතුළු නිෂ්පාදන පෙළ ජනගත කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජෝන් සෙනෙවිරත්න සහ ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගමේ සභාපති ප්‍රභාත් ද අල්විස් ද එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *