රාජපක්ෂලාට එරෙහිව සියලුම NGO පෙළ ගස්වනවා! – ඇමති රාජිත (video)

April 4, 2019 at 10:32 am | by admin

එළඹෙන ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන්ට එරෙහිව සියලුම සිවිල් සංවිධාන පෙලගස්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඉදිරියේදී පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවන බවත් මෙතෙක් පැවති ජනාධිපතිවරණ මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය ද තමන් ජයගන්නා බවත් ඔහු පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සැදීමේ කටයුතු අගමැතිවරයා තමාට පවරා ඇති බවද එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරියේදී නම් කරන බවත් ඇමතිවරයා පැවසීය. හොරණ ගල්පාත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස