අද වන විට මෙරට මිලියන ගණනක ජනතාවක් අන්ත අසරණ වී සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස පවසයි.
වගකිව යුතු රජයක් නම් මෙම ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීම සඳහා පියවර ගත යුතු බවද ඔහු සඳහන් කරයි.
අද වන විට ජනාතාවගේ බලාපොරොත්තුව මනුස්සකම රජයන යුගයක් ජනතාවගේ දුකට විසඳුමක් බවත් හිතක් පපුවක් ඇති පාලනයක් බවත් ඔහු පැවසීය.
පොදු ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්න තමන් සූදානම් යයිද පැවසූ ඔහු මුළු රාජ්‍ය යාන්ත්රණයම යොදා ජනතාවගේ දුක නිවා දමන බවත් සඳහන් කළේය.
අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.