ජන ජීවිතය අඩාළ කරන මං අහුරයි….! ආයතන 12ක් අත්‍යවශ්‍ය සේවා යටතට…!

July 21, 2021 at 4:54 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවා, වරාය, ඛනිජ තෙල්, රේගුව ඇතුළු ආයතන හා ක්ෂේත්‍ර 12ක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් පත් කිරීම තව දුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත අනුවය.

මේ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු පොදු ප්‍රවාහන සේවා, සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු ම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු, පළාත් පාලන ආයතන මගින් කෙරෙන කසළ කළමනාකරණ සේවා කටයුතු, සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, පළාත් සභා යටතේ වන සියලු ම රජයේ කාර්යාලවල සේවා, තැපල් දෙපාර්තමේන්තුවේ සේවා තව දුරටත් අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක වෙයි.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කෙරෙන සේවා සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇති වීම වැළැක්වීම සඳහා ජනපතිවරයා විසින් මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *