ජන ඒකරාශියෙන් කොවිඩ් පැතිරීමේ අවදානමක්….! නැවත දැනුම් දෙන තුර සියලු උද්ඝෝෂණ තහනම්….!

July 6, 2021 at 6:00 pm | by emanisa.lk

ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිර යෑමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එවැනි උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව දන්වා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව එම නිරෝධායන නියෝගවලට අදාළව පොලීසිය ක්‍රියාකරනු ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *