ජනාධිපති JR නම් 78 ව්‍යවස්ථාව මරු! 78 හොඳ නැත්තේ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නිසයි! – තලතා

September 15, 2020 at 3:56 pm | by emanisa.lk

19 වන සංශෝධනය මගින් ජනතාව ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යෝජිත 20 වන සංශෝධනය හරහා මුළුමනින්ම අහෝසි කර ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල චෝදනා කරයි.

ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක ලේකම් හරහා ජනාධිපතිවරයා විසින් පාලනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය.

එය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බවත් ජනාධිපතිවරයාට ඇමති ධුර දරන්නට නොහැකි බවත් ඇය පැවසුවාය.

මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ නැවතත් 78 ව්‍යස්ථාවට යාම බව පැවසු ඇය ජනාධිපතිවරයා වන්නේ ජේ ආර් ජයවර්ධන නම් එම ව්‍යවස්ථාවට ගියත් ප්‍රශ්නයක් නැතැයි ද පැවසුවාය. රාජපක්ෂවරුන් රට පාලනය කරද්දී 78 ව්‍යස්ථාවට යාම බරපතළ ඒකාධිපතිවාදයකට යමක් යැයිද හිටපු අධිකරණ ඇමතිනිය පැවසුවාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස