ඉදිරි මැතිවරණවලදී ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීම සඳහා රාජපක්ෂලා නොමැතිව නව දේශපාලන සන්ධානයක් බිහි කිරීමට පක්ෂ – විපක්ෂ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් කොළඹදී පසුගිය 09 වැනිදා පවත්වා තිබේ.
එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරු රැසක් එක්ව සිටියහ. මෙම සන්ධානය බිහි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
එහිදී දේශපාලනික වශයෙන් සහ දුෂණයෙන් තොර, විරැකියාව අවම කරන ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වූ ගිවිසුම් දෙකක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අත්සන් කිරීමට සාකච්ඡා කර තිබේ.
“රාජපක්ෂලා” නොමැති සන්ධානයක් බිහි කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු 60කට අධික සංඛ්‍යාවක් ඊට එක්වීමට නියමිත බවද සාකච්ඡාවට එක් වූ මන්ත්‍රිවරු මෙහිදී ප්‍රකාශ කර තිබේ.
නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා දේශපාලන නායකයන් තිදෙනකු මෙහිදී පත් කර ඇති අතර සතියක් තුළ ව්‍යවස්ථාව සකස් කිරීමට නියමිතය. ඉන් පසු දේශපාලන පක්ෂ සමග ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වේ.