ජනාධිපති සවන් දෙන්නේ බුද්ධි අංශවලට විතරයි…! නිසි අවස්ථාවේ නිසි තීන්දු ගන්න බැරි ඒකයි…! – අනුර…

August 15, 2021 at 9:51 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවාවට අදාළ සියලු සංවිධාන සංචරණ සීමා දැඩි කළ යුතු බව ප්‍රකාශ කරමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

එහෙත් ජනාධිපතිවරයා ප්‍රමුඛතාව ලබා දෙන්නේ රාජ්‍ය බුද්ධි සේවාව ලබා දෙන තොරතුරු සඳහා පමණක් බවට ඔහු චෝදනා කරයි.

නිසි තීරණ නිසි අවස්ථාවේ නොගැනීමේ ප්‍රතිවිපාකවලට අපේ රටේ ජනතාව මුහුණ දෙමින් සිටින බව ද අනුර දිසානායක සඳහන් කරයි.

එහෙයින් ජනතාව තම ආරක්ෂාව සඳහා තම තමන් අගුළු දමා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස