ජනාධිපති වෙලා දිස්ත්‍රික්කයක e පුස්තකාල කීපයක් හදනවා…! – සජිත්…

July 27, 2024 at 2:24 pm | by emanisa.lk

සුහුරු පාසල් වැඩසටහනට සමගාමීව රටේ දිස්ත්‍රික්ක විසි පහේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක e පුස්තකාල සහ පුස්තකාල ආරම්භ කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමාදස පවසයි.

එමගින් ජනතාවට රටේ අණ පනත් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වන බවයි, විපක්ෂ නායකරයා සඳහන් කළේ.

දැනුම සහිත ජනතාවක් රටේ සිටින විට එහි තාවකාලික භාරකරුවන්ට ජනතාව ගොනාට ඇන්දවිය නොහැකි බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

කළුතර කළපුගම මේධානන්ද විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *