රටේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ජනසවියටත් එහා ගිය දැවැන්ත වැඩසටහනක් ආරම්භ කරන බව සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹ නෙළුම්පොකුණ රඟහලේ පැවති සමගි ජන බලවේගයේ සමුපකාර, කර්මාන්ත සහ වෙළෙඳ හමුව අමතමිනි.
රණසිංහ ප්‍රේමදාස මහතා දුප්පත්කම තුරන් කිරීමට ජනසවිය හරහා ලබා දුන් ආහාර සහය සෘජුව ක්‍රියාත්මක කළේ සමුපකාර හරහා බවත් මේ තුළින් දුප්පත් ජනතාව දුප්පත්කමින් මිදෙනවා සේම ග්‍රාමීය ආර්ථිකයට සුවිශාල සේවාවක් ඉටු කරන සමුපකාර ක්ෂේත්‍රයත් ශක්තිමත් වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.
අප රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවත් ඒ තුළ සමුපකාර ක්ෂේත්‍රයට දැවැන්ත කාරයභාරයක් ඇති බවත් අපනයන වෙළෙඳපොළ ආක්‍රමණය කර එය ජය ගැනීමට මෙම ක්ෂේත්‍රය වැදගත් වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.