තමා ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
ඒ අනුව අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තමා නාම යෝජනා ඉදිරිපත් කරන බව හෙතෙම පවසයි.
ලබන සතියේ ඒ සඳහා නාම යෝජනා කැඳවනු ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඩලස් අලහප්පෙරුමට දැනටමත් සහයෝගය ලබා දීමට සූදානම් බව වාර්තා වෙයි.