ජනාධිපති මුද්‍රණ සංස්ථාව ගයන්තට දුන්නේ ජනාධිපතිවරණයට යන්නයි!

April 18, 2019 at 12:33 pm | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ මෙතෙක් පැවති රජයේ මුද්‍රණ සංස්ථාව පසුගියදා හදිසියේම ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතා වෙත පවරා දුන්නේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමේ සුදානමක් ලෙස බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මැතිවරණයේ අපේක්ෂකයකු වන විට ඔහු යටතේ රජයේ මුද්‍රණ සංස්ථාව තිබීම ප්‍රශ්නයක් විය හැකි නිසා මෙම පියවර ගන්නට ඇතැයි කියති.

මැතිවරණයට අදාළ සියලු මුද්‍රණ කටයුතු කෙරෙන්නේ රජයේ මුද්‍රණ සංස්ථාව මගිනි. ඡන්ද පත්‍රිකා මුද්‍රණයද එමගින් සිදුකරන නිසා එය මැතිවරණයේ අපේක්ෂකයකු යටතේ තිබීම ප්‍රශ්නයක් වෙයි. නීතිය හමුවේද එය අභියෝගයට ලක්විය හැකිය .

රජයේ මුද්‍රණ සංස්ථාව ජනාධිපතිගෙන් ඉවත්කොට ඉඩම් ඇමතිට පවරා දුන්නේ ඒ නිසා වියහැකි බව කියති. ඇතැම් විට මැතිවරණ කොමිසම වැනි තැනකින් ඒ සඳහා උපදෙස් ලැබුණා විය හැකිය.

අගමැති ධුරයට සජිත් පත් කර ජනාජනාධිපතිවරණයට යාමට ජනාජනාධිපතිවරයා කළ සැලසුමක් පිළිබඳ දැන් හෙළි වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස