ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරය ගෝඨා පැන්නූ අරගල නියමුවෙකුට…!

July 26, 2022 at 9:15 am | by emanisa.lk

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක පත්කර තිබේ. එසේ ම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට ශානුක කරුණාරත්න පත්කර ඇත.

හිටපු අමාත්‍ය සාගල රත්නායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කරනු ලැබ තිබේ. ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක පත් කර ඇත.

ධනුෂ්ක රාමනායක මහරගම නගර සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන් ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ සමීපතයෙකු ද වෙයි. ගෝඨාගෝහෝම් අරගලයට ද ඔහු සම්බන්ධ වී සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *