ජනාධිපති ධුරය දුර්වල කළ 19 වෙනස් කළ යුතුයි! ඒ සඳහා ශක්තිමත් ආණ්ඩුවක් හදන්න බලය දෙන්න! – මහින්ද

June 22, 2020 at 1:27 pm | by emanisa.lk

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ වාරියපොළ පැවති ජනහමුවකට එක්වෙමෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව පැවසීය.

“ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයෙන් ආණ්ඩුවක් බිහිවිය යුතුයි. ඒ නිසා ඔබට තිබෙනවා වගකීමක් ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. පෞද්ගලිකව පළිගන්න එය ඉදිරිපත් කළා. සකස් කළ උදවිය දැන් වෙනස් කරන්න කියනවා ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වගකීම. ශක්තිමත් ආණ්ඩුවක් මගින් ඇති කරන්න. ඔබේ වගකීම ඔබ ඉටු කරන්න.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස