ජනාධිපති තවුහිද් ජමාත් තවම තහනම් කරලා නෑ! – ජනාධිපති නීතිඥ අලි සබ්රි

May 12, 2019 at 10:21 am | by admin

ජාතික තව්හිද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රහිම් ෆී සෙයිලානි යන සංවිධාන 02 මෙරට තහනම් කළ බවට ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කළ ද තවමත් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර නොමැති බව ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි.

මේ වන විට හදිසි නීතිය යටතේ එම සංවිධාන දෙක තහනම් වුවද හදිසි නීතිය ඉවත් කළ විට එම තහනම ඉවත් වන බව ඔහු පෙන්වා දුන්නේය. එහෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සංවිධාන තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බව පවසන නීතිඥවරයා 2011 වසරේ කොටි සංවිධානය ද එලෙස තහනම් කළ බව සිහිපත් කළේය.

මෙම සංවිධාන තහනම් කරන බවට ලිපියක් නිකුත් කර සති දෙකක් ගත වුවද හදිසි නීතිය යටතේ පවා එම සංවිධාන තහනම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර නොමැත. පාර්ලිමේන්තුව මගින් හදිසි නීතිය පනවන්නේ මාසයක් සඳහා පමණක් වන අතර නැවත හදිසි නීතිය පැනවීමට නම් පාර්ලිමේන්තුව ඒ සඳහා අනුමැතිය ලබා දිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස