ජනාධිපති ගෝඨා බැන්නේ මහ බැංකු නිලධාරීන්ට නෙමේ අගමැති මහින්දට! – අනුර

June 18, 2020 at 7:33 am | by emanisa.lk

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහ බැංකුවේ ඉහළ නිලධාරීන් කැඳවා ප්‍රහාරයක් එල්ල කළේ එම නිලධාරීන්ට නොව මුදල් ඇමති මහින්ද රාජපක්ෂට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයෙකු විසින් කිසියම් ආයතනයක නිලධාරීන් කැඳවන්නේ අමාත්‍යවරයා සමගින් බවත් විශේෂයෙන් මුදල් පනත අනුව වැඩි බලතල ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ජනාධිපතිවරයාට නොව මුදල් ඇමතිට බවත් ඔහු සඳහන් කළේය.

එනිසා මුදල් අමාත්‍යවරයා නැතිව නිලධාරීන්ගෙන්ට පිප්පීම එතරම් යුක්ති සහගත නොවන බව තමන්ගේ මතය බවද ඔහු පැවසීය.

ඇතැම් විට මෙය මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ව්‍යාංගයෙන් එල්ල කරන ලද චෝදනාවක් වන බවද ඔහු සඳහන් කලේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස