ජනාධිපති ආරක්ෂාවට සිටි පොලිසියේ 2250ක් මුදාහරී! රට පුරා පොලිස් ස්ථානවල පුරප්පාඩුවලට අනුයුක්ත කරයි!

November 25, 2019 at 11:20 am | by emanisa.lk

ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් නිලධාරීන් 2250ක් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අතර මෙතෙක් ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 1400ක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 850ක් ද වෙති.

කෙසේ වෙතත්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 300 දෙනෙකු තවදුරටත් ජනාධිපති ආරක්ෂක අංශය තුළ රඳවා ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 2,250 දෙනෙකු එම සේවාවලින් ඉවත් කෙරෙනු ඇති අතර
එම පිරිස දිවයින පුරා පොලිස් ස්ථාන වෙත අනියුක්ත කිරීමට නියමිතය. මෙමගින් එම පොලිස් ස්ථානවල ඇති පුරප්පාඩු ඇතුළු ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

මෙතැන් සිට ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු යුද හමුදා කමාන්ඩෝ නිලධාරීන්ට පැවරෙනු ඇති අතර රඳවා ගනු ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 300 ද ඒ සඳහා යොදවනු ඇත.

කිසියම් ස්ථානයකට ජනාධිපතිවරයා පැමිණීමට පෙර අදාළ ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම මින්පසු පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරෙනු ඇත.

මීට අමතරව විවිධ ප‍්‍රදේශවල ඇති ජනාධිපති මන්දිරවල දැනට සේවය කරන පොලිස් නිලධාරීන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට අපේක්ෂිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස