ජනාධිපති ආරක්ෂක ඒකකය මං වාහනෙන් බැස්සුවා! නිදහස් උත්සවේට නාවෙි ඒකයි! – මෛත්‍රී

February 7, 2020 at 3:38 pm | by emanisa.lk

පසුගිය දින පැවැති එජාප මන්ත්‍රී කබීර් හෂීම්ගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමන් එහි ගිය අවස්ථාවේ ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් රැගත් වාහනය මගදී නැවැත්වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

එතැන් සිට තමන්ට පයින් යෑමට සිදුවූ බව ද හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත.

මෙවර නිදහස් උත්සවයේදීද එම සැලකිල්ල තමන්ට ලැබෙනු ඇතැයි සිතා නිදහස් උත්සවය වර්ජනය කළ බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා සිය හිතවතුන් සමග ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස