ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දිය හැකි වුවත් පොහොට්ටුවට සහාය දෙන්න අපට බෑ! – මෛත්‍රී ආපසු හැරෙයි…

September 29, 2019 at 10:59 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂයට සහාය දීමට තමන්ට හැකි වුවද පොහෙහාට්ටුවට සහාය ලබාදිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“පොහොට්ටුවයි අපේ පක්ෂයයි සන්ධානයක් හදන්න යන එක ගැන රහසක් නෙමෙයි. ඒ ගැන පසුගිය මාස කිහිපයේදී සාකච්ජා කළා. ඒ ගැන ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සහ මම සාකච්ජාවක් කළා.

රට ඉදිරියට ගෙනයන ජාතික වැඩපිළිවෙළක් යටතේ ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙන්න අපිට පුළුවන් උනාට පොහොට්ටුවට සහය දෙන්න අපිට බැහැ කියලා මම කෙලින්ම කිව්වා.

ඒ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය, පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ, පළාත් සභා නියෝජිතයින්ගේ වගේම ගමේ සිටින පාක්ෂියාගේ අදහස මොකක්ද කියලයි මම ඔවුන්ට පැහැදිලි කරලා කිව්වේ.

ඒ අයට අගමැතිකම දෙන්න, විපක්ෂ නායකකම දෙන්න වගේම දැනට පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්න අපි මොනතරම් දේවල් කළාද? අඩුම තරමින් අපි කරන ඉල්ලීම ගැන හරි පොහොට්ටුව නම්‍යශීලි වෙන්න ඕනේ.”

කුරුණෑල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස