ජනාධිපති අපේක්ෂකයන් 3ක් අතුරුදන්… 23ක් පොකට් මීටිං එකක්වත් තියලා නෑ..!

August 28, 2024 at 4:12 pm | by emanisa.lk

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින් තිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.

“අභාවප්‍රාප්ත වූ පුද්ගලයා වෙනුවට අපේක්ෂකයෙක් තවමත් නම් කර නැහැ. ඒ නම් නොකිරීම තුළ මම යම් දුර්වලතාවක් දකිනවා. සංවිධිතව මේ ක්‍රියාවලියට දායක වුණා නම් ආදේශකයක් තිබිය යුතුයි. මේ 38 දෙනාගෙන් 15 දෙනෙක් පමණයි යටත් පිරිසෙන් අඩුම තරමේ පුද්ගලයින් 10 දෙනෙකු හෝ රැස්කර හමුවක් පවත්වා තිබෙන්නේ.

අනෙක් 24දෙනා එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තව 23 දෙනෙකු ඉතුරුයි. ඒ 23 දෙනාගෙන් 03 දෙනෙකු ආගිය අතක් නැත. මැතිවරණ කොමිසමට ලබාදී ඇති දුරකථන අංකවලට ඇමතුවාට පස්සේ 03කින් දෙන්නෙක් අමතන්නේ වෙන කෙනෙක්. අනෙක් කෙනා දුරකථනය විසන්ධි කරනු ලබනවා.

ඒ 23 දෙනාගෙන් 05 දෙනෙකුට අඩුම තරමේ සමාජ මාධ්‍ය යටතේ ෆේස්බුක් ගිණුමක්වත් නැහැ. අඩුම ගාණේ මාධ්‍ය වෙතවත් මම ජනාධිපතිවරණයට තරග කරනවා කියලාවත් තුන්දෙනෙක් කියලා නැහැ.”

දෙරණ BIG FOCUS වැඩසටහනට එක් වෙමින් මංජුල ගජනායක ඒ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *