ජනාධිපති අපිට දුන්නේ කඳුලු විතරයි! නමුත් ජනාධිපති අපේක්ෂකයෙක් නැති පක්ෂ ගෙනෙන 20ට අපි විරුද්ධයි! – එජාපය

March 8, 2019 at 1:08 pm | by admin

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් ගෙන එන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පක්ෂයේ සහාය හිමි නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

ඊයේ(07) පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර ගත නොහැකිව සිටින දේශපාලන පක්ෂ 20 වැනි සංශෝධනයට එකඟ වී සිටින බවයි.

අප විසින් උදව් කරනු ලැබූ ජනාධිපතිවරයා වුවත් වේදනාව, කඳුල හා හිත් අමාරුව හැරුණ විට තම පක්ෂයට ලබා දුන් වෙන් යම් දෙයක් නොමැති බව ද එනිසා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකරන බව ද මන්ත්‍රීවරයා මෙහි දී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *