ජාතික ජන බලවේග ආණ්ඩුව ලැබූ 68 ලක්ෂයක ජන වරමින් ලක්ෂ 64ක්ම පොහොට්ටු පාක්ෂිකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ආ එම ජනතාව එම පාලනය කෙරෙහි කලකිරී අනුර දිසානායක ප්‍රමුඛ මාලිමාණ්ඩුව බලයට පත් කළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එහෙයින් එම ජනතාව නැවත කලකිරීමට පත්වනු දැකීමට තමන් අකමැති බවත් එහෙයින් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.
ජනාධිපති අනුර දිසානායකට ඉංග්‍රීසි බැරි යැයි තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කොට නැතැයි ද රුසියානු, චීන, ඉන්දියානු නායකයන් සිය බසින් මිස ඉංග්‍රීසියෙන් කතා නොකර බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
අනුර දිසානායක ද තමන්ට වඩා පහසු මැනවින් අදහස් ප්‍රකාශ කළ හැකි සිංහල භාෂාවෙන් කතා කිරීම තමන් අගය කරන බව ද නාමල් රාජපක්ෂ සඳහන් කරයි.