ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ සිදුකළේ තම පවුලට තිබූ නඩු ටික ඉවත් කර ගැනීම සහ හිතවතුන්ට හම්බ කර ගැනීම සඳහා අවස්ථාව ලබා දීම පමණක් බව මනූෂ නානායක්කාර පවසයි.
මට මෙහෙම කරන්න පුළුවන් අරම කරන්න පුළුවන් යැයි ජනාධිපතිවරයා හැමදාම කයිය ගැහුව ද කළ කිසිවක් නැතැයි ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
රටේ පොහොර සිමෙන්ති ආහාර හිඟයක් ඇති කර කහවලින් රට ස්වයංපෝෂිත කළේ යැයි ජනාධිපතිවරයා කයිය ගහන බවට ද ඔහු චෝදනා කරයි.
විශ්‍රාමික ජෙනරාල්වරුන්ට තනතුරු බෙදා අවසන් වී දැන් තමන්ට වැඩ කළ හාමුදුරුවරුන්ට තනතුරු බෙදා දීමේ යුගය පැමිණ ඇතැයි ද මනූෂ නානායක්කාර සඳහන් කරයි.