ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම අගය කරනවා…! – සුමන්දිරන්….

September 21, 2021 at 4:12 pm | by emanisa.lk

ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.

ජනාධිපතිවරයා ගත් එම තීරණය හොඳ පියවරක් බව ද හෙතෙම සඳහන් කළේය.

දෙමළ ජනතාවගේ මහජන නියෝජිතයන් වශයෙන් තම කණ්ඩායම සමග සාකච්ඡා කර එම ජනතාවගේ ගැටළු විසඳීමට කටයුතු කරන්නැයි සෑම අවස්ථාවක දී ම ඉල්ලා සිටිය ද එම ඉල්ලීම මේ දක්වාම හරියාකාරව ඉටු නොවුණු බව සුමන්දිරන් ප්‍රකාශ කළේය.

දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකයේ බොහෝ රටවල විසිරී සිටින බවද ඔහු පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *