ජනාධිපතිවරයා දූරදර්ශී නායකයෙක්…! ඩයස්පෝරාව ජනපති ඇරයුම පිළිගත යුතුයි….! – හිටපු ජාත්‍යන්තර කොටි නායක කේ.පී….

October 9, 2021 at 8:10 am | by emanisa.lk

කොටි ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කිරීම මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දූරදර්ශීභාවය සනාථ වන බව කොටි සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායක කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් පවසයි.

ජනාධිපතිවරයා දෑත් දිගු කළ අවස්ථාවේ ඉන් ප්‍රයෝජන ගත යුතු බවත් සියලු ප්‍රශ්න එකවර නොවිසඳෙනු ඇති බවත් පද්මනාදන් ප්‍රකාශ කරයි.

මෙම අවස්ථාව මග ඇරීම නොකළ යුතු බවත් තරුණ පරපුර වෙනුවෙන් එකතු වී කටයුතු කරන ලෙස දෙමළ දේශපාලන නායකත්වයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කරයි.

කොටි සංවිධානයේ වත්කම් තමා සතුව ඇති බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නොමැති බවත් එවැනි වත්කම් තිබුණේ නම් ජනතාව විනාශයෙන් ගළවා ගැනීමට තිබූ බවත් කුමරන් පද්මනාදන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *