ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිනකට පැය 15ක් පමණ වැඩ කරන නායකයෙකු බවත් තමා නම් එතරම් වැඩ නොකරන බවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ප්රකාශ කරයි.
එබැවින් ජනාධිපතිවරයා සිදු කරන කාර්යභාරයෙන් නිසි ප්රයෝජන ගැනීම සැමගේ වගකීම බව අග්රාමාත්යවරයා අවධාරණය කරයි.
ආණ්ඩුවක් පිහිටුවා ඒ ආණ්ඩුවෙන් හැකි තරම් ප්රයෝජන ගැනීම ජනතාව සතු වගකීමක් බව ද අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ප්රකාශ කරයි.
එසේ නොමැතිව ආණ්ඩුවක් පත්කර මැති ඇමැතිවරුන් පත් කර පැත්තකට වුවහොත් ඉන් රටට ගමට සේවයක් සිදු නොවන බව හෙතෙම පෙන්වා දෙයි.