ජනාධිපතිවරයා දත්ත හංගල කොවිඩ් පරාද කරන්න හදනවා….! – අනුර…

August 13, 2021 at 10:56 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් ආසාදිත සහ මරණ සංඛ්‍යා දත්ත තොරතුරු විකෘති කරමින් ජනතාව සමඟ මාරාන්තික ක්‍රීඩාවක නිරත වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

වෛරසය මර්දනය කිරීමට අනාගතය පුරෝකථනය කිරීමට දත්ත තොරතුරු අවශ්‍ය බවත් ජනාධිපතිවරයා දත්ත සඟවා වෛරසය මඟ හැරීමට උත්සාහ කරන බවත් ජවිපෙ නායක අනුර දිසානායක අනාවරණය කරයි.

වසංගත තත්ත්වයෙහි අවදානම පිළිබඳ ජනතා අවධානය යොමු වන්නේ නිවැරදි දත්ත තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වුවත් අපේ රටේ දත්ත සඟවන බවටත් අනුර දිසානායක චෝදනා කළේ ය.

සෞඛ්‍ය අංශ, සෞඛ්‍ය ඇමැතිනිය පමණක් නොව අගමැතිවරයා ද රට වසා දැමිය යුතුය යන මතයෙහි සිටින බවත් ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස ජනතා ජීවිත සමඟ සෙල්ලම් කරමින් කිසිදු පදනමක් නොමැති ක්‍රියාමාර්ග තෝරමින් ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *