ජනාධිපතිවරයා කකුල් මාට්ටුවක් නොදැම්මොත් ලබන සතියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරේ!

September 16, 2019 at 10:13 am | by emanisa.lk

සැප්තැම්බර් 23 වනදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට වැඩි අවකාශයක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම සඳහා බලතල ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිෂන් සභාව වෙත හිමිව තිබේ.

2019 ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කරන බව දැනුම් දී සියලු දේශපාලන පක්ෂ සමඟ මැතිවරණ කොමිසම 20 වෙනිදා සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව තිබේ.

එම සාකච්ඡාවේ ප්‍රතිඵල ද අනුව බොහෝ දුරට 23 වනදා ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි ආරංචි මාර්ග පවසයි.

දැනට පවතින තත්වය මත ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ නොවැම්බර් 08 සහ දෙසැම්බර් 08 වෙනිදා අතර දිනයකය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ධුර කාලය 2020 මැයි දක්වා පවත්වා ගෙන යා හැකිද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවහොත් මෙම තත්වය වෙනස් වීමට ද ඉඩ තිබේ.

ජනාධිපතිවරයාගේ පාර්ශවය මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සියලු ලියකියවිලි සූදානම් කර ගෙන නිසි කාලය පැමිණෙන තුරු සිටින බව වාර්තා වෙයි.

වර්තමාන ජනාධිපතිවරයා සිය ධුර කාලයෙන් අවුරුද්දක් අඩු කර ගැනීමට ද කටයුතු කළ නිසා ඉතිරි අවුරුදු 5ම සම්පූර්ණයෙන් ඔහුට ධුරයේ රැඳී සිටිය හැකි ආකාරයට ජනාධිපතිවරණය හැකි තරම් පමා කරන ලෙස ශ්‍රීලනිපය රහස් ලිපියක් මගින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස