ජනාධිපතිවරයා පෙර දැනුම් දුන් පරිදි අද දින (13) ඉල්ලා අස්වන බව තමන්ට දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
ඒ පිළිබඳ ලිපිය අද දවස ඇතුළත තමන් වෙත ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා තමා වෙත දැනුම් දුන් බව කතානායකවරයා සඳහන් කරයි.
ඒ අනුව එළඹෙන 20 වෙනිදා පාර්ලිමේන්තු රහස් ඡන්දයෙන් නව ජනාධිපතිවරයා පත් කර ගන්නා බව ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.