ජනාධිපතිවරණ වාරණ ඉල්ලුවේ UNP ජාතික ලැයිස්තුවේ පුද්ගලයෙක්…! – හඳුන්නෙත්ති…

July 5, 2024 at 4:27 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට වාරණ නියෝගයක් ඉල්ලා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවෙකු බව ජාතික ජන බලවේගය පවසයි.

එහි විධායක සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ දයාන් ලෙනව 2020 එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ සිටි පුද්ගලයෙකු බවයි.

ඔහු ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව මෙය සිදුකළේ යැයි පිළිගත නොහැකි අතර මේ පිටුපස ජනාධිපතිවරයා සිටින බවට ද හඳුන්නෙත්ති චෝදනා කළේය.

කෙසේ වුව ද එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසන්නේ අදාළ පුද්ගලයා එජාපයේ කිසිදු ජාතික ලැයිස්තුවක නොමැති අතර ඔහු වර්තමාන සමගි ජන බලවේගය නියෝජනය කරන රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ අයකු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *