ජනාධිපතිවරණ නිරීක්ෂණයට මැතිවරණ කොමිසමේ රත්නජීවන්ගේ සමීතම මිතුරෙක්!

November 13, 2019 at 5:51 pm | by emanisa.lk

ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා රටවල් 4ක් නියෝජනය කරමින් නිරීක්ෂකයන් 7 දෙනෙකු ලංකාවට (12) පැමිණ තිබේ.

මේ අතරින් දකුණු අප්‍රිකානු නිරීක්ෂකයා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල්ගේ සමීතම මිතුරකු බව හෙළ වී තිබේ.

දකුණු අප්‍රිකාව, මාලදිවයින, ඉන්දියාව, ඉන්දුනීසියාව නියෝජනය කරමින් මේ පිරිස ලංකාවට පැමිණ ඇත.

බංගලිදේශය, පිලිපීනය, භූතානය, මාලදිවයින සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් තවත් 8 දෙනෙකු අද (13) පැමිණීමට නියමිතව තිබිණි.

විදෙස් නිරීක්ෂකයන් 15 දෙනෙකුට මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ඇරයුම් කර තිබේ.

මැතිවරණ කොමිසම තුළ ද රත්නජීවන් හූල් ආණ්ඩුවට ඉතාම පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බෙදුම්වාදියකු බවට චෝදනා ඇති අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස